spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනන්තරීය පාපකර්මය කරගත් පුතා

පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහරදීමේ සිද්ධියක් හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මෙම පහරදීම හේතුවෙන් පියා මියගොස් ඇති අතර මවට බරපතල තුවාල සිදුවී රෝහල්ගතකර ඇතිබවයි මාලබේ පොලීසිය පවසන්නේ.

වැඩිදුරටත් පොලීසිය සඳහන් කලේ තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇති බවත් 28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

වැඩිදුර පරීක්ෂණ මාලබේ පොලීසිය විසින් පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?