ස්කෑන් පරීක්ෂණයට ගිය දැරියට රෝහලේ වෛද්‍යවරයෙක් කළ අමන වැඩක්

කරාපිටිය මූලික රෝහලේ විකිරන අංශය තුලදී 15 හැවිරිදි දැරියක් වෛද්‍යවරයකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවට ලැබුනු පැමිණිල්ලක් පිලිබඳ විමර්ශනයක් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාන්ශය විසින් ආරම්භ කොට ඇත.

මෙම දැරිය පසුගිය (08)වෙනිදා ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහලේ විකිරණ අංශය වෙත ගොස් ඇති අතර පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇතිබව පොලීසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පවසන්නේ දැරියගෙන් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන සිද්ධිය සම්බන්ධ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතාගෙන් කල විමසුමකදී පැවසුවේ තමන්ටද මෙවැනි සිද්ධියක් පිලිබඳ වාර්ථා වු බවත් පොලීසියට අමතරව ආයතන මට්ටමින්ද මේ පිලිබඳව පරික්ෂණයක් සිදුකරණ බවත්‍ ය.දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරණ අවස්ථාවේ දී එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. කෙසේවුවද මේ පිළිබද ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04