ජූනි සහ ජූලි මාසවල රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබේ.ජූනි හා ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව සැප්තැම්බර් මාසය තුළ දී ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ.
ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණි කාන්තාවන් ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවා තිබූ නමුත් මේ වන විට ලැබෙන ප්‍රතිපාදන මත අදියර කිහිපයක් යටතේ දිවයින පුරා අදාළ දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.













