රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම ජනතා සේවයට මහත් පිටුවහලක් – අමාත්‍ය මහින්ද අමරවීර

අභිනව රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම පැවරීම තුලින් රට ගොඩනැගීම සඳහා ගෙන යන කඩිනම් වැඩ පිළිවෙලට සුවිසල් දායකත්වයක් සැලසෙන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස රජයේ වගකීම් දරමින් තමන්ගේ රේඛීය අමාත්‍යාංශයේ කටයුතු වලට උපරිම දායකත්වයක් ලබා දීම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රමුඛතම කාර්යයක් වේ.

දැනට කැබිනට් ඇමතිවරු 20 දෙනකු පමණක් සිටින අතර අමාත්‍යවරුන් ආවරණය නොකරන අනෙකුත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන වල වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී තිබේ. විශේෂයෙන් කැබිනට් අමාත්‍යවරුන්ට වගකීම් පවරා තිබියදී එම විෂය පථයන්ට ආවරණය නොවන අමාත්‍යංශ හා ආයතන ජනාධිපතිතුමා යටතේ පවතී. උදාහරණ වශයෙන් ජනාධිපතිතුමාගේ ජනාධිපති පදවියේ වගකීමට අමරතව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති, තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ වල වගකීම් මෙන්ම ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ වගකීමද දරනුයේ ජනාධිපතිතුමා විසිනි. මේ හේතුවෙන් ජනාධිපතිතුමන්ට විශාල වගකීම් ප්‍රමාණයක් අමාත්‍යාංශ යටතේ පැවරී තිබීම තුල මහජනතාවට සලසන සේවාවන් වල යම් අඩුවීමක් දක්නට ලැබිණ.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබූයේ,

“රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් විවධ පාර්ශව මේ වනවිට විවිධ මත, අදහස් පළ කරමින් සිටිනවා. සමහරු කියනවා, රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම යෝග්‍ය නොවන බව. නමුත් මෙවර රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යවරු පත් කළත්, ඔවුන්ට වෙනදා මෙන් සියලු පහසුකම් ලබා නොදෙන බවය.වත්මන් රජය යටතේ පත්ව සිටින අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ටත් හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමි වන්නේ ද එක් වාහනයක් පමණයි. එම නිසා අනවශ්‍ය පරිදි රටේ සම්පත් භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. රජයේ ස්ථාවරභාවය ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට නම්, ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයකුත් අවශ්‍යයි. එක් එක් අමාත්‍යාංශ තුළ සැළසුම් කර තිබෙන වැඩපිළිවෙල ඉතාමත් විශාලයි. එම නිසා අමාත්‍යවරයෙකුට පමණක් එම කටයුතු තනිවම ඉටු කළ නොහැකියි. ඒ නිසා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. කොහොම වුණත් කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මම පෞද්ගලිකව අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැහැ. එම මුදල් මම කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළා. අදටත් මට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණයි. රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම්, සියලුදෙනා කැපවීම් කළ යුතුයි. ඒ වගේම මහන්සි වී වැඩ කළ යුතුයි. අලුතින් පත් වූ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් කැප වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙම පත්කිරීම තුළ සුවිශේෂී වරප්‍රසාද හෝ මහජන මුදල් අනිසි ලෙස පරිහරණය කිරීමට ඉඩක් නොලැබෙන නිසා මෙහි වරදක් ඇතැයි මා සිතන්නේ නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59