කැඩුණ මෝටර් රථ හදාගන්නත් බැරි වෙන තත්වයක්

යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති.ඇතැම් අමතර කොටස් සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

රුපියල් 4000 ත්, 5000 ත් අතර පැවති යතුරු පැදි ටයර් රුපියල් 12,000 ඉක්මවා හැකි බවත් ඔවුහු පවසති.එමෙන්ම රුපියල් 3600ක් ව පැවති යතුරු පැදි බැටරිය රුපියල් 9000 ඉක්මවා ඇති අතර රුපියල් 450 ක් ව පැවති බ්‍රේක් ලයිනර් රුපියල් 1200 ක් දක්වාත්, රුපියල් 4000 ක්ව පැවති චේන් ස්පොකට් රුපියල් 9000 ක මිලකටත් රුපියල් 800ක් ව පැවැති ලිහිසි තෙල් රුපියල් 1600 ක මිලකටත් අලෙවි වන බව ඔවුහු කියති.

රුපියල් 35,000 ක් ව පැවති බස්රථ ටයර් රුපියල් 75000 දක්වාත්, රුපියල් 24000ක් ව පැවැති බැටරිය රුපියල් 70000 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.වෙළඳපොලේ නැවත පුරවන ලද ටයර් වල විශාල හිඟයක් පවතින බවත් ඔවුහු පවසති.

මීට අමතරව තිරෝද රථ මෝටර් රථ ඇතුළු සියලුම රථවාහන වල අමතර කොටස් තමන්ට දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී ඇතැයි ද ජනතාව කියති.රථ වාහන අමතර කොටස් අලෙවි නියෝජිතයන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔව්හු පැවසුවේ රථ වාහන අමතර කොටස් ගෙන්වීමේ දී මතුවන ගැටලු සහ පවතින හිඟය අමතර කොටස් මිල ඉහල යාමට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39