සජබ කාර්යාලය තුළ මියගිය කතගේ මරණය පිළිබඳ තොරතුරු රැසක් එළියට

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයක පෙරේදා වෙඩි වැදී මරණයට පත් තරුණිය විවාහ වීමට සූදානම් වූ මොහොතේ ඇයට විවාහ නොවන ලෙසට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සංවිධායකවරයා තර්ජනය කර ඇති බවත් මෙම ප්‍රහාරය ඇයට එල්ල වූ දවසේ සැකකරුගේ කාර්යාලයේ සිට ඇත්තේ මෙම තරුණිය සහ දැනට අත්අඩංගුවේ සිටින සැකකාර කෑගල්ල සජබ සංවිධායක පමණක් බවත් පොලිස් පරීක්ෂණ වලට අනාවරණය වී තිබේ.

මෙම කාර්යාලයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී මෙම දෙදෙනා හැර පිටස්තර පුද්ගලයකු මේ මොහොතේ කාර්යාලයට පැමිණ නැති බව අනාවරණය වී තිබෙනවා.

මෙම තරුණිය මියගිය ස්ථානයේ තිබු රිවෝලර්වරය පිලිබඳද තොරතුරු රැසක් අණාවරණය කරගැනීමට හැකි වී තිබේ.

උඹට මම විවාහ වෙන්න ඉඩ තියන්නේ නැහැ” කියමින් මෙම තරුණියට තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇගේ පවුලේ උදවිය පොලිසියට දැනුම් දීමක් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබෙනවා. මෙම තරුණිය සැකකරු ළඟ වසර 16 ක පමණ කාලයක් සේවය කර ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂන සිදුකරයි.

සජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි

කෑගල්ලේ සමගි ජන බලවේගයේ සංවිධායක ලක්ෂ්මන් අත්අඩංගුවට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?