සජබ කාර්යාලයක් තුළ කාන්තාවක් මියයයි

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ කෑගල්ල, කළුගල්ල මාවතේ පිහිටි කාර්යාලයකයි.

මෙලෙස මියගොස් ඇත්තේ සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙක් බවට තහවුරු වී තිබේ. දීර්ඝ කාලයක් ඇය එම කාර්යාලයේ සේවයේ නිරතව සිට තිබෙනවා. මෙම සිදුවිම සියදිවි හානි කරගැනීමක් ද ඝාතනය ද යන්න මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.