පෙළපොත් 2023 වර්ෂයේ දී නිසි වේලාවට සිසුන් අතට

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් ගෙන තිබේ. 2023 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,483කි.

පාසල් පෙළපොත් මුද්‍රණයට මෙන් ම විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට හා පිළිතුරු ලිවීම ආදියට අවශ්‍ය වන කඩදාසි හා ලිපිද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල කඩදාසි අවශ්‍යතා ද මෙමගින් ම සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඊට අදාළ ලංසු කැඳවීම, විවෘත කිරීම ආදී පියවර මේ වන විටත් අවසන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුළු පෙළපොත් පිටපත් ප්‍රමාණයෙන් 45%ක් මුද්‍රණය කරවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී ඇත. ඊට අවශ්‍ය මුද්‍රණ කඩදාසි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ශාඛාව මගින් සිදු කරගෙන යනු ලැබේ. එම කඩදාසි මුද්‍රණ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි අදියර කිහිපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇත. මීට අමතර ව මුද්‍රණ සංස්ථාවට ලබා දුන් 45%ට අතිරේක ව ඉතිරි පෙළපොත් 55% සඳහා ප්‍රසම්පාදන පටිපාටිය යටතේ තෝරාගෙන ඇති පෞද්ගලික මුද්‍රණකරුවන් සඳහා ද ඔවුන්ගේ ඉල්ලීම අනුව මුද්‍රණ කඩදාසි අවශ්‍යතා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් ව කටයුතු කරනු ලැබේ.

මේ නව ක්‍රමවේදය අනුව සෘජු රාජ්‍ය මැදිහත් වීම නිසා පවත්නා ආර්ථික ව්‍යාකූලත්වය ජය ගනිමින් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට පසුබිමක් නිර්මාණය වේ. එසේ ම තෙවන පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැති නිසා රජයේ ආනයන පිරිවැය අවම වන අතර එක ම ව්‍යාපෘතියක් මගින් සියලු කඩදාසි අවශ්‍යතා ලබා ගැනීම නිසා අතරමැද අක්‍රමිකතා වැලකී, නීත්‍යනුකූල පදනමක් තුළ ඉහළ පාරදෘශ්‍යභාවයක් සහිත ව ඉදිරි වර්ෂයේ පෙළපොත් මුද්‍රණය හා බෙදාදීම නිසි කලට කාර්යක්ෂම ව සිදු කළ හැකි ය. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ විශ්වවිද්‍යාල පද්ධතිය වැනි ආයතනවල අධ්‍යයන කටයුතු ද බාධාවකින් තොර ව පවත්වාගෙන යාමට මින් අවකාශ සැලසෙනු ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පෙළපොත් මුද්‍රණයට මූලිකත්වය දී මෙම කටයුතු සිදු වේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50