අද (29) වන දින උදැසන අච්චුවේලි පොලිස් වසමේ තේන්ඩමන් ආරු පලාලි ප්‍රධාන මාර්ගයේ දී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 ක් වූ මානිප්පායි හා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය .
සැකකරුවන් මල්ලාකම් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 05 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත අච්චුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා













