ඊයේ 29 රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී වයස අවුරුදු 26ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥයන් නිහාල් තල්දූව මහතා පැවසීය.වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තරුණයා මිය ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සැක කරනවා.පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.













