විදේශ රටකට නීති විරෝධී ලෙස සංක්රමණය වීම සඳහා යාත්රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කාන්තාවන් දෙදෙනකු සහ ළමයින් දෙදෙනකු සිට තිබෙනවා.එම සැකකරුවන් අද දින ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.













