වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවසේ සිටි වයස අවුරුදු 8ක දැරියක මිය ගොස් ඇති වැලිගම පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (නොවැ. 30) රාත්‍රි 10.30ට පමණ නිවසෙහි කාමරයක් තුළ ඇති වූ ගින්නකින් එහි වහලය පිලිස්සී නිවස තුළට කඩා වැටී ඇති අතර එම කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසු වී පිළිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බව ය.
එම අවස්ථාවේදී මිය ගිය දැරියගේ මිත්තනිය සහ වයස අවුරුදු 13ක් වූ සහෝදරිය අසල කාමරයක සිට ඇති අතර ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරා ගෙන ඇත.
වැලිගම පොලිසිය ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙම ගින්න ගෑස් ආශ්‍රිත අනතුරක් නොවන බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
මුළුතැන්ගෙහි ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හෝ අනෙකු ත් උපාංගවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව ත් නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය මීට සතියකට පෙර අවසන් වී ඇති බව ත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.
සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.
වැලිගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
මාතර ප්‍රදේශයේ හදිසි ගින්නක්…දැරියක් මියයයි




