නිලධාරීන් දසදහසකගෙන් සමන්විතව දිවයින පුරා කෙරෙන විශේෂ මෙහෙයුම

දීර්ඝ සති අන්තය නිමිත්තෙන් පළාත් මායිම් අතර සිදු කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුම් සඳහා එක් සේවා මුරයකට පොලිස් නිලධාරීන් දසදහසක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා

මෙ විශේෂ මෙහෙයුමේදී සංචරණ නීතීන් උල්ලංඝනය කරනවාද, නීති විරෝධී දෑ ප්‍රවාහනය කරනවාද යන්න විශේෂයෙන් සොයා බැලෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

මීට අදාළ මෙහෙයුම් පසුගියදා(20දා) සිට දීර්ඝ නිවාඩුව අවසන් වන තෙක් ක්‍රියාත්මක කොට ඇති තිබෙනවා

පළාත් මායිම් අසල ස්ථාපිත පොලිස් මාර්ග බාධක රාජකාරි සඳහා එක් සේවා මුරයකට මෙලෙස පොලිසියේ දසදහසක් යොදවා තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ

බස්නාහිර ඇතුළු සෙසු පළාත් මායිම් හරහා ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් කැඳවා ඇති අයට මෙන්ම ළඟම ඥාතියකුගේ මරණයකට සහභාගි වන අයට පමණයි

එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් කරන අය ඇතුළු වෙනත් මානුෂීය කාරණා ඇති අයට පමණක්ද ගමන් කළ හැකියි

එලෙස පළාත් මායිම් අතර ගමන් කරන පුද්ගලයන් සැබෑ අදාළ කටයුත්ත සහතික කිරීම සඳහා ලිඛිත හෝ විද්‍යුත් සාක්‍ෂියක් අවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නිසි ලෙස නොදමන අය අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 30ක් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39