3% යටතේ ලැබුණු දීමනාවට වඩා සූත්‍රය මඟින් බෙදුම්කරුවන්ට වාසියක් – තෙල් සංස්ථාවේ සභාපති

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ ද රට තුළ කිසිඳු ඉන්ධන අර්බුදයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර තෙල් බෙදුම්කරුවන්ට හඳුනවදෙන නව සූත්‍රය මඟින් මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් බෙදුම්කරුවන්ට ලැබෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව ඉන්ධන බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) තීරණය කළා.

ඒ, අනුව අද සිට නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබා දෙන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියේ.

මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බදුවලින් කොමිස් මුදල් ලබා නොදෙන ක්‍රමවේදයක් මෙලෙස සකසා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?