පාකිස්ථානය නොමිලේ පොදු ප්‍රවාහනය නිවේදනය කරයි

බලශක්ති අර්බුදය උග්‍ර වන මොහොතක පාකිස්ථානය නොමිලේ පොදු ප්‍රවාහනය නිවේදනය කර තිබෙනවා.

ඉරාන යුද්ධය හේතුවෙන් රජය ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ දැමීමෙන් පසු, පාකිස්ථානයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ පළාත් තුළ පොදු ප්‍රවාහනය ඉදිරි මාසය සඳහා නොමිලේ ලබදෙන බවයි ෆෙඩරල් රජය ඊයේ (03) නිවේදනය කළේ.

මේ අතර අද (04) දිනයේ සිට ඉදිරි දින 30 සඳහා ඉස්ලාමාබාද්හි සියලුම පොදු ප්‍රවාහන සේවා මහජනතාව සඳහා නොමිලේ ලබා දෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

එමෙන් පාකිස්ථානයේ පන්ජාබ් පළාත තුළ ද පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි පන්ජාබ් මහ ඇමතිනී මරියම් නවාස් නිවේදනය කරනු ලැබුවේ.

ඊට අමතරව ට්‍රක් රථ සහ බස් රථ සඳහා සහනාධාර ද ප්‍රකාශයට පත් කිරීමට පන්ජාබ් මහ අමාත්‍යවරිය කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම සතිය මුලදී, ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වන වික්ටෝරියා සහ ටැස්මේනියාව ද ඉන්ධන සංරක්ෂණය කිරීමට මහජනතාව දිරිමත් කිරීම සඳහා පොදු ප්‍රවාහන ගාස්තු ඉවත් කරන බව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14