කිලිනොච්චියේ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙක්.

මුලතිව් දෙස සිට ධර්මපුරම් ප්‍රදේශය දෙසට ගමන්කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය තරුණයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ එහිදී පැවැත්වීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25