3% යටතේ ලැබුණු දීමනාවට වඩා සූත්‍රය මඟින් බෙදුම්කරුවන්ට වාසියක් – තෙල් සංස්ථාවේ සභාපති

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඊයේ (28) රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ ද රට තුළ කිසිඳු ඉන්ධන අර්බුදයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර තෙල් බෙදුම්කරුවන්ට හඳුනවදෙන නව සූත්‍රය මඟින් මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් බෙදුම්කරුවන්ට ලැබෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව ඉන්ධන බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) තීරණය කළා.

ඒ, අනුව අද සිට නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබා දෙන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියේ.

මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බදුවලින් කොමිස් මුදල් ලබා නොදෙන ක්‍රමවේදයක් මෙලෙස සකසා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50