1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය විවෘත වෙයි

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) විවෘත කළා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටා තිබෙනවා.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.