මැයි මාසයේ මැද දක්වා රටට අවශ්‍ය තෙල් තියනවා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

එළඹෙන මැයි මාසයේ මැද දක්වා කිසිඳු ගැටලුවකින් තොරව මෙරටට අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පවසනවා.

අද (04) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම මාසයේ පළමු ඉන්ධන තොගය රැගත් නෞකාව පසුගිය 02 වනදා දිවයිනට පැමිණි බවයි.

එමෙන්ම එළඹෙන 06 සහ 08 අතර කාලසීමාව තුළ තවත් ඩීසල් තොග රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර කර්මාන්ත සඳහා මහා පරිමාණයෙන් ලබාගන්නා ඉන්ධන කිසිඳු ගැටලුවකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලබාගත හැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

එමෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබියදීත් මෙම අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමක් සිදුවුවහොත් වහාම යළි මිල කැඳවීමක් සිදුකර ඉන්ධන මිල අඩුකර මහජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56