25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කෙරේ

මතුගම – ඩාර්ටන් ෆීල්ඩ් වතු යායෙන් තරුණියකගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

අද (18) පස්වරුවේ මෙම මළසිරුර හමු වී ඇත්තේ අගලවත්ත – දොලහේන හන්දියෙන් ගමන් කිරීමට ඇති කලුපහන මාර්ගයේ දී බවයි වාර්තාවන්නේ.

අදාළ තරුණියගේ ගෙල කොටස තියුණු ආයුධයකින් කපා දමා ඇති බව ද අප වාර්තාකරු පැවසුවා.

නමුත් මෙම ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මතුගම පොලිසිය පැවසුවේ 25 හැවිරිදි වියෙහි පමණ පසුවන තැනැත්තියක් මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?