AFC Banner
Empty Ad
Empty Ad

25 වැනි වරටත් 2024 පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වැනිදා සිට

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.

කොළඹ – බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මෙම පොත් ප්‍රදර්ශනය සුපුරුදු පරිදි පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘත පැවැත්වෙනු ඇති.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කෙරෙන්නේ 25 වන වරටයි.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණා.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට වඩා සාපේක්ෂව උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර කියවීමේ මාසය නැතහොත් සාහිත්‍යය මාසය ද සැප්තැම්බර් මාසයේ යෙදී තිබීම ද පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට තවත් සුවිශේෂී හේතුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?