25 වැනි වරටත් 2024 පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 වැනිදා සිට

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.

කොළඹ – බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මෙම පොත් ප්‍රදර්ශනය සුපුරුදු පරිදි පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘත පැවැත්වෙනු ඇති.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කෙරෙන්නේ 25 වන වරටයි.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණා.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට වඩා සාපේක්ෂව උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර කියවීමේ මාසය නැතහොත් සාහිත්‍යය මාසය ද සැප්තැම්බර් මාසයේ යෙදී තිබීම ද පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට තවත් සුවිශේෂී හේතුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39