21 වැනි සියවසේ මුහුණදීමට සිදුවන බරපතලම ගැටලුවක් ගැන හෙළිදරව්වක්

කාලගුණ වෙනස්වීම් වලට මුහුණ දීමට සිදුවීම ජනතාවට 21වැනි සියවසේ මුහුණදීමට සිදුවන විශාලතම අර්බුදය වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පවසති. ඒ සදහා කඩිනමින් පියවර නොගත හොත් දැඩි ආර්ථික ගැටලු වලටද මුහුණ පෑමට සිදුවන බවද අනතුරු අගවයි.

ඒ අනුව විද්‍යුත් වාහන සහ සූර්ය කෝෂ විදුලිය වැනි පරිසරයට කාබන් මුදාහැරීම අවම සිදුවන බල ශක්ති ආදියට ජනතාව යොමු කිරීම ඉදිරියේ දී පියවර ගතයුතු බව සදහන්.. ඊට ආසන්නතම නිදසුනක් ලෙස පකිස්ථානයට පසුගියදා ගංවතුරින් සිදුවූ දැඩි හානිය සදහන් කරති.ඉන් පකිස්ථානයේ හරි අඩක් පමණ වූ භූමියකට බලපෑම් ඇති විය. එසේම ඉන් රටේ ආර්ථිකයටද සියයට 09% පමණ බලපෑම් සිදුවී ඇතැයි වාර්තා වේ.පොසිල ඉන්ධන, ගෑස්, වැනි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර මුදාහරින බල ශක්ති භාවිතය අවම කළ යුතු යැයි ද සදහන් කරති.

මේ සදහා හරිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?