දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනක දී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පසුගිය සතිය තුළ සිදුකළ මෙම මෙහෙයුමේ දී පරීක්ෂා කිරීම් 144ක් සිදුකර ඇති අතර, එහිදී නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48ක් ඇතුළත්.
2025.10.01 දිනැති අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 96 මඟින් මෙම භාණ්ඩ සම්බන්ධ අවශ්‍යතා නියම කර ඇති අතර, එම විධානය 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වනවා.
එහිදී ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද අදාළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මේ අතර සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට පහසුකම් සලසා තිබෙනවා.













