2026 වසරේ පළමු පාසල් වාරය හෙටින් ඇරඹෙයි

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර හෙට (05) ආරම්භ වනවා.

ඒ, අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට (05) දිනයේ සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු වාරය 2026 අධ්‍යයන වර්ෂය සඳහා පසුගිය දෙසැම්බර් 09 වනදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන පාසල් 100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (05) දිනයේ දී විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?