2024 පළමු කාර්තුවේ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු මාස තුන තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි.

එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවයි ඔහු සඳහන් කළේ.

2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබාගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇති බව සඳහන්.

පසුගිය කාලවකවානුව තුළ ආර්ථික අර්බුදයට හේතු වූයේ රාජ්‍ය ආදායම් මට්ටම පහළ යාම බව කියා සිටි සියඹලාපිටිය අමාත්‍යවරයා මෙම වසරේ පළමු කාර්තුවේ මෙම ඉලක්ක අභිබවා යාම සහ ආදායම් ලැබෙන රටාව අනුව සලකා බැලීමේ දී 2024 වසර ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වසරක් බවට පත් වනු ඇති බව ද වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර 2024 වසරේ අයවැයෙන් රජය අපේක්ෂා කළ ආදායමට වඩා සැබැවින්ම ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 594 කින් අඩුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ප්‍රතිශතයක් ලෙස මෙය රජය අපේක්ෂා කළ ආදායමෙන් 14% ක අඩු වීමක් බව ‘ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවේ සඳහන්.

2024 අයවැය සම්පාදනය කරමින් රජය උපයා ගැනීමට ඇස්තමේන්තු කළ අදායම රුපියල් බිලියන 4,164ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?