2024 පළමු කාර්තුවේ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු මාස තුන තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි.

එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවයි ඔහු සඳහන් කළේ.

2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබාගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇති බව සඳහන්.

පසුගිය කාලවකවානුව තුළ ආර්ථික අර්බුදයට හේතු වූයේ රාජ්‍ය ආදායම් මට්ටම පහළ යාම බව කියා සිටි සියඹලාපිටිය අමාත්‍යවරයා මෙම වසරේ පළමු කාර්තුවේ මෙම ඉලක්ක අභිබවා යාම සහ ආදායම් ලැබෙන රටාව අනුව සලකා බැලීමේ දී 2024 වසර ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වසරක් බවට පත් වනු ඇති බව ද වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර 2024 වසරේ අයවැයෙන් රජය අපේක්ෂා කළ ආදායමට වඩා සැබැවින්ම ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 594 කින් අඩුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ප්‍රතිශතයක් ලෙස මෙය රජය අපේක්ෂා කළ ආදායමෙන් 14% ක අඩු වීමක් බව ‘ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවේ සඳහන්.

2024 අයවැය සම්පාදනය කරමින් රජය උපයා ගැනීමට ඇස්තමේන්තු කළ අදායම රුපියල් බිලියන 4,164ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34