2024 ජූනි තෙක් රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නැහැ

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

පසුගිය කාලයේ අපේ රට දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියා. රටේ ඉන්ධන පෝලිම් ඇති වී තිබුණා. ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධනවල පවා හිඟයක් පැවතුණා. ඒ හමුවේ රට පැවතුනේ අසීරු තත්ත්වයකයි. නමුත් අප ඉතා කෙටි කාලයකින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සමත් වුණා.

2022 ජනවාරි මාසය සැළකීමේ දී එය ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සාපේක්ෂව අඩු වූ මාසයක් ලෙස දැක්විය හැකියි. එහිදී බොර තෙල් බැරලයක මිල සදහන් වුණේ ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි. නමුත් ඊළග මාස කිහිපයක් තුළ එය ඇමෙරිකානු ඩොලර් 65ක් දක්වා වැඩි වුණා. ඒ වගේම රුසියානු – යුක්‍රේන යුද්ධය ඇතුළු විවිධ හේතු මත තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියා. නමුත් පසුව එය ඩොලර් 80ක් දක්වා අඩු වුණා.

2022 ජනවාරි මාසයේ සිට මේ ආකාරයට ක්‍රමයෙන් ඉහළ ගිය බොර තෙල් මිල වසර එකහමාරකට පසු මේ වසරේදී තරමක් පහළ ගියා. විශේෂයෙන්ම මේ මස පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 4%කින් පමණ අඩුවී තිබෙනවා.

නමුත් පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් යම් සහනයක් ලැබීමට අපට ලැබුණු දුර්ලභ අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට තිබෙනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය ඉන්ධන නිෂ්පාදනය කරන හෝ ලෝක වෙළෙඳපොළට ඉන්ධන බෙදාහරින රටවල් නොවූවත් මතුව ඇති තත්ත්වය හමුවේ ඉරානය ද මැදිහත්වීමක් සිදු කිරීමට යන බවක් පෙන්නුම් කරනවා. පවතින මෙම ආතතිමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධ විශ්ලේෂණයක් සිදු කිරීම ඉතා අපහසුයි.

ගාසා තීරයේ ගැටුම් ආරම්භ වීමෙන් පසුවත් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනයට බාධාවක් වුණේ නැහැ. අප දැනටමත් ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන සැපයුම සඳහා ටෙන්ඩර් ලබාදී අවසන්. එම නිසා ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවීමේ අවධානමක් නැහැ. නමුත් අවිනිශ්චිතතා ඇති විය හැකියි.

ඒ වගේම මෙරටට ඉන්ධන සැපයීම සඳහා චීනයේ සිනොපෙක් (Sinopec) ඇතුළු තවත් සැපයුම්කරුවන් තිදෙනෙකුට අවසර දී තිබෙනවා. මේ වන විට සිනොපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. එම නිසා මාසයකට ඩොලර් මිලියන 40ක පමණ විදෙස් විනිමයක් ඉතිරි කිරීමට හැකි වී තිබෙනවා. වාර්ෂිකව සැලකීමේ දී ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමය ප්‍රමාණයක් මේ හරහා රටට ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

මේ තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඩොලර් සංචිතයට පැවති අවදානම අවම කර ගැනීමට ද ඉවහල් වී තිබෙනවා. එහි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම පළමු වතාවට අපි තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 200 ක සංචිතයක් පවත්වාගෙන යන බවත් සඳහන් කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35