2023 වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ්අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය 2023 වර්ෂයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබෙනවා.

ගෙවුනු 2023 වර්ෂය තුළ ක්‍රීඩකයින් එක්දින පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම නම් කිරීම් සිදුකර ඇති බව සදහන්.

ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වසරේ එක්දින කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 06 දෙනෙකු ම ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ පැවති ලෝක කුසලානය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා.

ඊට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙක් 2023 වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත්.

ඒ, අනුව රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් යන ඉන්දීය ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ට්‍රැවිස් හෙඩ් සහ ඇඩම් සම්පා මෙම කණ්ඩායමට ඇතුළත්.

හෙන්ඩ්‍රිච් ක්ලාසන් සහ මාර්කෝ ජැන්සන් යන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනා මෙන්ම, නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් ද ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය නම් කළ 2023 වසරේ එක්දින කණ්ඩායමේ සාමාජිකයින් වනවා.

WhatsApp Image 2024 01 01 at 7.04.01 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
13
+1
3
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?