2023 වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ්අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය 2023 වර්ෂයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබෙනවා.

ගෙවුනු 2023 වර්ෂය තුළ ක්‍රීඩකයින් එක්දින පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම නම් කිරීම් සිදුකර ඇති බව සදහන්.

ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වසරේ එක්දින කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 06 දෙනෙකු ම ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ පැවති ලෝක කුසලානය ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා.

ඊට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙක් 2023 වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත්.

ඒ, අනුව රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් යන ඉන්දීය ක්‍රීඩකයින් මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ට්‍රැවිස් හෙඩ් සහ ඇඩම් සම්පා මෙම කණ්ඩායමට ඇතුළත්.

හෙන්ඩ්‍රිච් ක්ලාසන් සහ මාර්කෝ ජැන්සන් යන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනා මෙන්ම, නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් ද ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය නම් කළ 2023 වසරේ එක්දින කණ්ඩායමේ සාමාජිකයින් වනවා.

WhatsApp Image 2024 01 01 at 7.04.01 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43