2023 වසරේ අපරාධ ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ මෙම වසර තුළ දී සිදු වූ අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වූ වධහිංසා පැමිණවීම්, භාරකාරීත්වයේ ගැටලු මෙන් ම පුද්ගල මරණ සම්බන්ධයෙන් මෙම වසරේ දී පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවටයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ තොරතුරු සඳහන් කරමින් ඊට අදාළ ලිපියක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය සහ මහජන ආරක්ෂක අමාත්‍ය වෙත දයොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත්තේ මෙලෙස පැමිණිලි ලැබුණු වධහිංසා 200කට අධික සංඛ්‍යාව ම වසරේ මුල් මාස 06 තුළ ලැබී ඇති බවයි.

එහිදී භාරකාරීත්වය යටතේ සිටියදී සිදු වූ මරණ 06ක්, රඳවා තබාගත් කාලය තුළ දී සිදු වූ මරණ 02ක් සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී සිදුවන වධහිංසා පැමිණවීම් සහ සෙසු ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම්දිනයට සමගාමී ව දෙසැම්බර් 11 වැනි දින භාරකාරත්වය තුළ දී සිදුවන මරණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත මානව හිමිකම් කොමිෂන් සභාව මගින් කෙටුම්පත් පිළිබඳ මාර්ගෝපදේශ සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද ලබාදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දුන් අදාළ මාර්ගෝපදේශ වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාගේ ප්‍රතිපෝෂණය ද ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වධහිංසාවට එරෙහි ව නිකුත් කළ මාර්ගෝපදේශ වාර්තාවට ඔප්ෂනල් ප්‍රොටෝකෝලය අනුමත කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මගින් රජය විසින් වධහිංසාව පිළිබඳ ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණය(NPM) ලෙස එය නම් කරනු ලැබුණා.

එය මානව හිමිකම් කොමිෂන් සභාව 2022 පෙබරවාරි මාසයේදී NPM ලෙස විධිමත් ලෙස ස්ථාපිත කිරීමටයි කටයුතු කළේ.

එතැන් සිට, අභියෝග හඳුනා ගැනීම සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් එයපොලිස් ස්ථාන ඇතුළු රැඳවුම් ස්ථාන වෙත ලබා දී ක්‍රියාත්මක වෙමින් තිබෙනු දැකිය හැකියි.

මෙලෙස වධහිංසා ලැබූවන්, හිංසනයන්ට ලක් වූවන් හට එම අපරාධමය ක්‍රියාවන් කළ පුද්ගලයින්ට එරෙහි ව නඩු පැවරීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරන බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

HRCSL Press Notice on 22 12 2023 and HRCSL letter to Attorney General on 21 December 2023 1 scaled
HRCSL Press Notice on 22 12 2023 and HRCSL letter to Attorney General on 21 December 2023 2 scaled
HRCSL Press Notice on 22 12 2023 and HRCSL letter to Attorney General on 21 December 2023 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10