Fly high Get bonus Aviator Phone

2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර

සියළුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 පෙබරවාරි මස 19 වෙනිදා සිට අප්‍රියල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද,අප්‍රියල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වාද පළමු වාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වේ.පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජූනි මස 10 වෙනිදා සිට එම මාසයේ 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී නොවැම්බර් මස 22 වැනිදා අවසන් වේ.තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.මේ අතර මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද,දෙවැනි අදියර අප්‍රියල් මස 15 සිට මැසි මස 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වේ.පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජූනි මස 10 වෙනිදා ආරම්භ වී ජූලි මස 05 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන්වීමට නියමිතව ඇත. සියළුම මුස්ලිම් පාසල් වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර ඇත.ඒ අනුව තෙවැනි වාරයේ පළමුවන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 11 වැනිදා දක්වාද,දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වාද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

සාමාන්‍ය ආකාරයට වසරකට රජයේ පාසල් සහ පිරිවෙන් වසරකට දින 210 ක් පැවැත්විය යුතු වේ.නමුත් 2025 වර්ෂයේ යෙදී ඇති රජයේ නිවාඩු දින හේතුවෙන් දින 170 ක් පමණක් පැවැත්වීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.එමෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මාසයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයන් 2025 වසරේ මුල් භාගයේදී පැවැත්වීමටද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?