2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර

සියළුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 පෙබරවාරි මස 19 වෙනිදා සිට අප්‍රියල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද,අප්‍රියල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වාද පළමු වාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වේ.පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජූනි මස 10 වෙනිදා සිට එම මාසයේ 25 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතව ඇත. තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී නොවැම්බර් මස 22 වැනිදා අවසන් වේ.තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.මේ අතර මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඒ අනුව පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද,දෙවැනි අදියර අප්‍රියල් මස 15 සිට මැසි මස 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වේ.පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජූනි මස 10 වෙනිදා ආරම්භ වී ජූලි මස 05 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන්වීමට නියමිතව ඇත. සියළුම මුස්ලිම් පාසල් වල තුන්වන වාරයද අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර ඇත.ඒ අනුව තෙවැනි වාරයේ පළමුවන අදියර 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 11 වැනිදා දක්වාද,දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වාද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

සාමාන්‍ය ආකාරයට වසරකට රජයේ පාසල් සහ පිරිවෙන් වසරකට දින 210 ක් පැවැත්විය යුතු වේ.නමුත් 2025 වර්ෂයේ යෙදී ඇති රජයේ නිවාඩු දින හේතුවෙන් දින 170 ක් පමණක් පැවැත්වීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.එමෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මාසයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයන් 2025 වසරේ මුල් භාගයේදී පැවැත්වීමටද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25