18ට වැඩි අය බදු ලිපි ගොනුවක් විවෘත කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු බවට වන නව ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය යන්නෙන් ඔවුන්ගෙන් බදු අය කිරීමක් අදහස් නොවන බවයි.

ආදායම් බදු ගිණුම යටතේ සුබසාධන ප්‍රතිලාභ බෙදා හැරීම සඳහා එම පුද්ගලයන් ලියාපදිංචි කිරීම අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරනු ලැබුවා.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගිණුමක් විවෘත කිරීම 2023 අයවැයෙන් යෝජනා කරනු ලැබූ අතර එමගින් සියලු දෙනාගෙන් රජය බදු අය කරන බවක් අදහස් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, රජය විසින් පුද්ගලයන් සඳහා ලබාදෙන රජයේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ බදු ගිණුමේ ඇති විස්තර අනුව බවයි.

මෙම ගැසට් පත්‍රය හරහා 2023 ජූනි 01 වැනිදා සිට බදු ගොනුවක් විවෘත කරන ලෙස මේ රටේ බදු ගෙවීමට හැකි යැයි සැලකෙන කණ්ඩායම්වලට දැනුම්දී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34