15ට වැඩි තරුණ තරුණියන්ට ලගදීම ලැබෙන්න යන දේ

වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන Block Chain තාක්‍ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්‍ෂණ මෙවලමක් භාවිත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම අනුව ජාතික තරුණ සේවා සභාව විසින් මෙම හැදුනුම්පත සකස් කොට තිබේ.

මෙම කාඩ්පත හිමි තරුණයාගේ හෝ තරුණියගේ නිපුණතාවයන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකිවීම මෙහි විශේෂත්වයකි.

මෙම හැදුනුම්පත ඔස්සේ ඇති තොරතුරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවායෝජකයින් තම කාර්යමණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීම තුළින් තරුණ තරුණියන්ට සෘජුවම රැකියා අවස්ථා ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

තරුණ තරුණියන්ට තම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා සෘජුවම ඕනෑම ආයතනයක ලියාපදිංචිවීමට මෙන්ම මේ සමග සම්බන්ධ වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් ආකර්ෂණීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව ද මෙම හැදුනුම්පත හරහා ලබා ගත හැක.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ විස්තර ද මෙම හැඳුනුම්පතේ දත්ත මඟින් ලබාගත හැකි වීමද මේ තුළින් තරුණ ප්‍රජාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ඩිජිටල් හැදුනුම්පත (Digital Youth ID) ලබාගැනීමට අවස්තාව ලැබේ.

මේ අතර තම හැකියා හා දක්ෂතාවයන් මත රැකියා ක්ෂේත්‍රයට සහ ව්‍යවසාය ක්ෂේත්‍රයට යොමුවන තරුණ පිරිස්වලට පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු ප්‍රතිලාභ සහ අවස්ථාවන් රැසක් මෙමගින් ලබාගත හැකිය.‍‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21