කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 146 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජයගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලයට අද (08) හැකියාව ලැබුණා.
රාජකීය විද්‍යාලය පරාජය කරමින් තෝමස් ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්තේ කඩුලු 05කින්.
තෙදින තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 302ක්.
ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 17ක් ඉදිරියේ සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ රාජකීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 215ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ශාන්ත තෝමස් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 233ක්.
එම ඉලක්කය හඹා ගිය ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගත්තා.