13 හැවිරිදි දරුවෙක් සමඟ ලිංගිකව හැසිරී මවක් වූ කතට බන්ධාගාරයේ දොර වැසේ

වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු සමඟ ලිංගිකව හැසිරුණු බවට චෝදනා ලැබූ ඇමරිකානු ජාතික කාන්තාවක් බන්ධනාගාර ගත නොකිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිටි 31 හැවිරිදි ඇන්ඩ්‍රියා සෙරානෝ නැමැති මෙම කාන්තාව පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී ඇය තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර, කෙසේ වෙතත් ඇයව බන්ධනාගාර ගත නොකිරීමට කොලරාඩෝ හි අධිකරණයක් පසුගිය දා තීරණය කර තිබෙනවා.

මෙලෙස බාලවයස්කාර පිරිමි දරුවෙකු සමඟ ලිංගිකව හැසිරුණු මෙම කාන්තාව එම අවස්ථාවේ දී ගැබ්ගෙන ඇති අතර, පසුගිය වසරේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු පිරිමි දරුවෙකු බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවට බන්ධනාගාර ගත නොකර නිදහස ලබාදීම සම්බධයෙන් අගතියට පත් 13 හැවිරිදි දරුවාගේ මව්පියන් විසින් දැඩි විරෝධය පළකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

13 හැවිරිදි දරුවාගේ මව පවසා ඇත්තේ “මගේ පුතාගේ ළමා කාලය මංකොල්ලකෑවා වගේ මට දැනෙනවා. දැන් එයාට පියෙක් වෙන්න වෙනවා. එයා ගොදුරක්. එයාට ජීවිත කාලෙම ඒකත් එක්ක ජීවත් වෙන්න වෙයි” යනුවෙන්.

කෙසේ වෙතත් අදාළ කාන්තාවට පරිවාස ගතවීමට සිදුවන අතර, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු මෙම කාන්තාවගේ පරිවාස කාලය තීරණය කරනු ඇති බවයි.

  1. ASIAN LAMAYI WAGEYI NOWEYI USA EUROPEA LAMAYI, 13 KIYANNE SAMPURNAYEN MA WAGEYI PARINATHA WELA IWARAYI. NAMUTH SITHUWILI HASIREEMA LAMA GATHIYA GODAK AYA PENWANAWA. MEKA APARADHAYAK. EYAGE NISI WAYASATA KALIN MEHEMA WENA EKA EYATA SHOCK EKAK. GWNI UNATH AWANKAWAMA EKATA DHARAYA KALA BAWA PENWA. LAMAYEK BADATA ENNE EKA PARIN HO KALAYAK DENNA SET WENNA WENAWA. KOLLA PAWU, U AMBALAYA WAGEYI HEMA WELAWEMA SET WENNA ATHI. WENA DEYA PASALEN IGENA GENA THIBUNATH EXPERIENCE NAHE. GENIUNATH PILLS ARAGENA INNA BAWA KIYANNA ATHI. NAMUTH DENNATAMA LIMIT PANNA WELAWAKA OWA MATHAKA NAHE.