UPDATE :-10 වැනි පාර්ලිමේන්තු මංගල සභා වාරයට ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි -රාජාසන කතාවත් ඇරඹෙයි (වීඩියෝ)

මෙරට 09 විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ අනුර කුමාර දිසානායක මහතා රාජාසන කතාව ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් සභා ගර්භයට පැමිණීමෙන් පසුවයි.

ජනාධිපතිවරයා ව සභා ගර්භයට කැඳවාගෙන ඒම කතානායක අශෝක රංවල සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් සිදු කරනු ලැබුවා.

———————————————————————————————–

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය මීට ටික වේලාවකට (21) සිදු කෙරුණා.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව මහජන නියෝජිතයින් 225 දෙනාගෙන් යුතුව රැස් වූයේ නව කතානායකවරයෙකුගේ තෝරා පත් කරගැනීම පළමු රාජකාරිය බවට පත් කරගනිමින්.

ඒ අනුව මෙරට 27 වැනි කතානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක සපුමල් රංවල මහතා තේරීපත් වූයේ අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත්ගේ යෝජනා හා ස්ථීර කිරීම් මධ්‍යයේයි.

මේ අතර අද පෙරවරු 11.10ට කතානායකවරයා වශයෙන් තේරී පත් වූ අශෝක රංවල මහතා පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහුව පිළිගැනීම පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

ඉන් අනතුරුව සම්ප්‍රදායනුකූලව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරියගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.

අග්‍රාමාත්‍යවරිය ව පිළිගත්තේ කතානායක අශෝක රංවල සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින්.

ඉන් අනතුරුව මංගල සභා වාරයේ මුලසුන හෙබවීම (රාජාසන කතාව) සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා 09 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අනුර කුමාර දිසානායක මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.

ජනාධිපතිවරයාව පිළිගත්තේ ද කතානායක සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින්.

මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා ඉතිහාසයේ පළමු වරට විනයාරක්ෂක නිලධාරීන්ගේ හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කිසිදු සහායකින් තොරව තමන් තනිවම නිල රථයෙන් බැස පාර්ලිමේන්තුව වෙත පිවිසීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47