AFC Banner
AFC Banner
Empty Ad

09 වැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ සමස්ථ කාරක සභා හා සංසද ගණන 86ක්

නවවැනි පාර්ලිමේන්තුවේ; පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේදයේ සභාවාර පහක් තුළ දින 390ක් රැස් වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.

එම කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වූ සංසද සහ කාරක සභා එකතුව 86ක් බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම 86ට ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත සභා 74ක් සහ විවිධ විෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12ක් ක්‍රියාත්මක වී ඇති බවයි එම කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඒ, අනුව නවවැනි පාර්ලිමේන්තුව පැවති කාල පරිඡේදය තුළ විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16ක්, ආංශික අධීක්ෂණ කාරක සභා 17ක්, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 29ක්, විශේෂ කාරක සභා 11ක්, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සහ සංසද 12ක් මෙලෙස ක්‍රියාත්මක වී තිබෙනවා.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තා ගණන 382ක් බවයි ර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?