09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප)

09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඊයේ (07) චීනයේ දී ආරම්භ වුණා.

“ශීත ඍතුවේ සිහිනය, ආසියාව අතර ආදරය” යන්න ,මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තේමාව වී තිබෙනවා.

රටවල් 34ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1300 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ආරම්භ වුණේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.

මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේ දීයි.

චීනය, ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය ලබාදෙන තුන්වන අවස්ථාව මෙයයි.

මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලටශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු එක්ව සිටිනවා.

2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ක්‍රීඩා ඉසව් 64ක් මෙවර තරඟාවලිය ට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.

සෑම වසර හතරකට වරක් පැවැත්වෙන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 07 වනදා සිට 14 දක්වා පැවැත්වීමට නියමිතයි.

GjOkOgGXcAAU46Z
GjOkOgGXMAA1KVo
GjOrIDhaQAIo4Hw
GjLAD1uawAAALAU
GjOgaS8asAAdk9f
GjOgaS9aQAEwotd
GjOgaS8aQAQPSEc
GjOgaS9boAAtlUv
GjOrMOsaQAMMj P
GjOrPAcaQAE9yoH
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?