ළමයාව පාසලට ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පති ජනවාරි 31 තෙක් රිමාන්ඩ්

2025 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කරගැනීම වෙනුවෙන් අදාළ සිසුවාගේ දෙමාපියන්ගෙන් රුපියල් 18500ක අල්ලසක් ලබාගත්තේ යැයි චෝදනා ලැබූ විදුහල්පතිවරයෙකු එළඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ මෙම සැකකාර විදුහල්පතිවරයා ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියට පමුණුවනු ලැබූ අවස්ථාවේ දියි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

විත්තිකාර විදුහල්පතිවරයා විසින් වින්දිත පාර්ශ්වයට දැනුම්දී ඇත්තේ දරුවා පාසලට ඇතුළත් කරගැනීමට නම් සිමෙන්ති කොට්ට 10ක් සඳහා වැය වන රුපියල් 18,500ක මුදල සහ වැලි කියුබ් 01ක් පාසලට ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ දෙමාපියන් විසින් බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලය වෙත තම දරුවා ඇතුළත් කරවීම සඳහා විදුහල්පතිවරයා විසින් ඉල්ලන ලද සිමෙන්ති කොට්ට 10 සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි හාඩ්වෙයාර් එකකට ගෙවා තිබෙනවා.

ඉන් අනතුරුව තමන් අදාළ මුදල සිමෙන්ති සඳහා ගෙවූ බවට වන පණිවිඩය දෙමාපියන් මගින් විදුහල්පතිවරයා වෙත දූරකථන මාර්ගයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු කර විදුහල්පතිවරයා ව අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල සීවලී මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ ගුණසිරි නමැත්තෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03