හෝටලෙන් බඩ පිරෙන්න කන්න ආ පාරිභෝගිකයාට රෝහලට යන්න ම ගහලා (වීඩියෝ)

පාරිභෝගිකයකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුළු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරදීම ඊයේ (24) පස්වරුවේ සිදු ව ඇත්තේ කැකිරාව මහ වීදියේ පිහිටි හෝටලයක් තුළ බවයි.

හෝටලයට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුළු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.

පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා.

මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව – තිබ්බටුවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පාරිභෝගිකයකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත එම හෝටලයේ කළමනාකරු ඇතුළු ව තවත් සේවකයින් දෙදෙනෙකු මේ වනවිට කැකිරාව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති හෝටල් කළමනාකාරවරයා ඇතුළු සැකකරුවන් උකුවෙල, මාතලේ හා මඩාටුගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 66, 29 හා 28 ක් වන පුද්ගලයන් බවයි හෙළි ව ඇත්තේ.

පොලිස් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?