හෝටලෙන් බඩ පිරෙන්න කන්න ආ පාරිභෝගිකයාට රෝහලට යන්න ම ගහලා (වීඩියෝ)

පාරිභෝගිකයකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුළු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම පහරදීම ඊයේ (24) පස්වරුවේ සිදු ව ඇත්තේ කැකිරාව මහ වීදියේ පිහිටි හෝටලයක් තුළ බවයි.

හෝටලයට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුළු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.

පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා.

මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව – තිබ්බටුවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

පාරිභෝගිකයකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත එම හෝටලයේ කළමනාකරු ඇතුළු ව තවත් සේවකයින් දෙදෙනෙකු මේ වනවිට කැකිරාව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති හෝටල් කළමනාකාරවරයා ඇතුළු සැකකරුවන් උකුවෙල, මාතලේ හා මඩාටුගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 66, 29 හා 28 ක් වන පුද්ගලයන් බවයි හෙළි ව ඇත්තේ.

පොලිස් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (25) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14