හොරෙන් බටු කැඩූ පුද්ගලයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වූ හැටි

ගම්පොළ – දවුලගල පොලිස් වසමේ කොටගදෙණිය ප්‍රදේශයේ බටු වගා කරන වත්තක තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

අද (20) උදෑසන මෙම මළසිරුර හමු ව ඇත්තේ ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්වත් කිරීමක් අනුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 62 හැවිරිදි කේ.පී. විජේරත්න නමැති අයෙක්.

මරණකරු රස්සාව වශයෙන් සිදු කර ඇත්තේ කුලී රස්සා බවත් හෙතෙම කඩුගන්නාවේ සිට දවුලගල – කොටගදෙණියේ නිවසකට 18 වැනි දින පැමිණ ඇත්තේ පුද්ගලයෙකු රැකබලා ගැනීමට බවත් වාර්තා වනවා.

අනතුරුව ඔහු යළිත් ඊයේ (19) දින නිවස වෙත යන බව පවසමින් පිටත්ව ගිය ද ඔහු නිවසට ගොස් නැහැ.

අදාළ මරණකරු කුලී රැකියාවට ආ නිවස අසල පිහිටි බටු වගා යායකට ඇතුල් වී ඇති අතර එහි සවිකර තිබූ අනවසර විදුලි කම්බියක් ස්පර්ශ වීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් මරණකරු සොර සිතින් අනුන්ගේ බටු වත්තකට හොරෙන් ඇතුල් වී පොහොර බෑගයක් පිරෙන්නටම බටු කඩා දමා ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ මරණකරු අසල ම ඔහු කැඩුවේ යැයි සැක කළ හැකි පොහොර උරයක් තුළ බටු පුරවා තිබීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර දවුලගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?