හොරෙන් බටු කැඩූ පුද්ගලයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වූ හැටි

ගම්පොළ – දවුලගල පොලිස් වසමේ කොටගදෙණිය ප්‍රදේශයේ බටු වගා කරන වත්තක තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

අද (20) උදෑසන මෙම මළසිරුර හමු ව ඇත්තේ ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්වත් කිරීමක් අනුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 62 හැවිරිදි කේ.පී. විජේරත්න නමැති අයෙක්.

මරණකරු රස්සාව වශයෙන් සිදු කර ඇත්තේ කුලී රස්සා බවත් හෙතෙම කඩුගන්නාවේ සිට දවුලගල – කොටගදෙණියේ නිවසකට 18 වැනි දින පැමිණ ඇත්තේ පුද්ගලයෙකු රැකබලා ගැනීමට බවත් වාර්තා වනවා.

අනතුරුව ඔහු යළිත් ඊයේ (19) දින නිවස වෙත යන බව පවසමින් පිටත්ව ගිය ද ඔහු නිවසට ගොස් නැහැ.

අදාළ මරණකරු කුලී රැකියාවට ආ නිවස අසල පිහිටි බටු වගා යායකට ඇතුල් වී ඇති අතර එහි සවිකර තිබූ අනවසර විදුලි කම්බියක් ස්පර්ශ වීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් මරණකරු සොර සිතින් අනුන්ගේ බටු වත්තකට හොරෙන් ඇතුල් වී පොහොර බෑගයක් පිරෙන්නටම බටු කඩා දමා ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඒ මරණකරු අසල ම ඔහු කැඩුවේ යැයි සැක කළ හැකි පොහොර උරයක් තුළ බටු පුරවා තිබීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර දවුලගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14