හොරට ගෙන්වා හොරට ලියාපදිංචි කළ ජීප් රථයක් මිරිහානෙන් අල්ලයි

තීරුබදු රහිතව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට රැගෙනවිත් ව්‍යාජ ලෙස ලේඛණ සකස් කළ ජීප් රථයක් මිරිහාන ප්‍රදේශයේ දී ඊයේ (24) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්, ජීප් රථයේ වර්තමාන හිමිකරුගේ නිවසේ තිබිය දී එය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද ජීප් රථය හා එම රථයේ දත්ත මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වෙනත් ජීප් රථයක දත්තවලට ව්‍යාජව ඇතුළත් කර ලියාපදංචි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?