හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ, බඳුන ශූරතාව වෙනුවෙන් අවසන් තරගය ශ්‍රී ලංකාව සමඟ පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කරමින්.

ශ්‍රී ලංකාව මෙම තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජය කරමින් ජයගත්තේ ලකුණු 21 කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 106ක්.

ලකුණු 107ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 85ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
0
+1
15
+1
1
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?