හේමමාලී බාලිකාවේ විදුහල්පතිනියගේ ක්‍රියාවක් නිසා සිසුවියන් පිරිසකට අසාධාරණයක්

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින් සමත්ව මහනුවර වෙනත් පාසල්වලට උසස් පෙළ සදහා අයදුම් කරන සිසුවියන් හට විද්‍යාලයේ විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි දසත නිවුස් වෙත වාර්තා වනවා.

විදුහල්පතිනිය විසින් උසස් පෙළට අයදුම්කිරීම සදහා සිසුවියන්ට අවස්ථාව සලසා දී ඇත්තේ එක් දිනයක් පමණක් බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ සදහා ඇතුලත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ උපදෙස් පරිදි පාසලේ WHATSAPP සමුහය වෙත නිකුත් කර ඇති නිවේදනයක් මගින් 2022 සාමාන්‍ය පෙළ දරුවන් පාසලට කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා.

අදාල නිවේදනයේ දක්වා ඇති පරිදි උසස් පෙළ සඳහා අයදුම්පත් භාරගත් බවත් ශිෂ්‍යාවන් 11 දෙනෙකු ඒ සඳහා අයදුම්පත් යොමුකර නැති බවත් එහි සඳහන්.

මෙහි ඇති පුදුම සහගත කරුණ නම් දෙසැම්බර් 12 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත් නොදන්වා ඊට සහභාගී නොවන හා අයදුම්පත් ඉදිරිපත් කළ නොකළ අයට තවදුරටත් අවස්ථාවක් නොමැති බවත් විදුහල්පතිනියගේ උපදෙස්
පරිදි අදාල පණිවිඩයේ දක්වා තිබීමයි.

උසස් පෙළ සදහා අයදුම් කිරීමට ඉතාම කෙටි කාලයක් ලබාදී ඊට‌ අයදුම් ඉදිරිපත් කිරීමට පමා වන තම විද්‍යාලයේම සිසුවියන්ට මෙතරම් කුරුරු අයුරින් සලකා ඔවුන්ගේ අනාගතය අදුරු කිරීමට මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට ඇති අයිතිය කුමක් ද ?

ඇතැම්විට සිකුරාදා දින දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවීමට අදාල දැරියන්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝ යම් වලක්වාගත නොහැකි හේතුවක් මත පැමිණීමට නොහැකිවිනි නම් ඒ් පිළිබඳ පැහැදිලි කිරීමට හෝ අදාල දැරියන් 11
දෙනාට අවස්ථාවක් දිය යුතු නොවන්නේ ද ?

විදුහල්පතිවරයෙකුට මෙලෙස ක්‍රියා කිරීමට හැකි දැයි අප අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සදහන් කලේ විදුහල්පතිවරුන්ට එලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් විදුහල්පතිනිය හෝ නියෝජ්‍ය විදුහල්පතිනිය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?