හේමමාලී බාලිකාවේ විදුහල්පතිනියගේ ක්‍රියාවක් නිසා සිසුවියන් පිරිසකට අසාධාරණයක්

මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ 2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින් සමත්ව මහනුවර වෙනත් පාසල්වලට උසස් පෙළ සදහා අයදුම් කරන සිසුවියන් හට විද්‍යාලයේ විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි දසත නිවුස් වෙත වාර්තා වනවා.

විදුහල්පතිනිය විසින් උසස් පෙළට අයදුම්කිරීම සදහා සිසුවියන්ට අවස්ථාව සලසා දී ඇත්තේ එක් දිනයක් පමණක් බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ සදහා ඇතුලත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ උපදෙස් පරිදි පාසලේ WHATSAPP සමුහය වෙත නිකුත් කර ඇති නිවේදනයක් මගින් 2022 සාමාන්‍ය පෙළ දරුවන් පාසලට කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා.

අදාල නිවේදනයේ දක්වා ඇති පරිදි උසස් පෙළ සඳහා අයදුම්පත් භාරගත් බවත් ශිෂ්‍යාවන් 11 දෙනෙකු ඒ සඳහා අයදුම්පත් යොමුකර නැති බවත් එහි සඳහන්.

මෙහි ඇති පුදුම සහගත කරුණ නම් දෙසැම්බර් 12 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත් නොදන්වා ඊට සහභාගී නොවන හා අයදුම්පත් ඉදිරිපත් කළ නොකළ අයට තවදුරටත් අවස්ථාවක් නොමැති බවත් විදුහල්පතිනියගේ උපදෙස්
පරිදි අදාල පණිවිඩයේ දක්වා තිබීමයි.

උසස් පෙළ සදහා අයදුම් කිරීමට ඉතාම කෙටි කාලයක් ලබාදී ඊට‌ අයදුම් ඉදිරිපත් කිරීමට පමා වන තම විද්‍යාලයේම සිසුවියන්ට මෙතරම් කුරුරු අයුරින් සලකා ඔවුන්ගේ අනාගතය අදුරු කිරීමට මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට ඇති අයිතිය කුමක් ද ?

ඇතැම්විට සිකුරාදා දින දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවීමට අදාල දැරියන්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝ යම් වලක්වාගත නොහැකි හේතුවක් මත පැමිණීමට නොහැකිවිනි නම් ඒ් පිළිබඳ පැහැදිලි කිරීමට හෝ අදාල දැරියන් 11
දෙනාට අවස්ථාවක් දිය යුතු නොවන්නේ ද ?

විදුහල්පතිවරයෙකුට මෙලෙස ක්‍රියා කිරීමට හැකි දැයි අප අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සදහන් කලේ විදුහල්පතිවරුන්ට එලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් විදුහල්පතිනිය හෝ නියෝජ්‍ය විදුහල්පතිනිය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15