හෙරොයින් සමග ඇල්ලූ බන්ධනාගාර නියාමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මහනුවර මහාධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකාර නිලධාරියා හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 800ක් සමග බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා මත්කුඩු අලෙවි කරන බවට 45 හැවිරිදි මෙම බන්ධනාගාර නියාමකවරයාට චෝදනා එල්ලවී තිබුණා.

වසර 9කට ආසන්න කාලයක් වභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා චූදිතයාට සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?