AFC Banner
AFC Banner
Empty Ad

හෙරළි ගසක අතු කපන්න ගසට නැගි සිසුවා මරුට

හූරිගස්වැව ප්‍රදේශයේ අධිබලැති විදුලි කම්බියක ගැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (21) දහවල් මෙම දරුවා කොස් ගසෙහි අතු පෑහීමට ගසට නැගි අවස්ථාවේදී ඒ අසලින් ගමන් කරන අධිබලැති විදුලි කම්බියක ගැටී ඇති බවයි.

10 ශ්‍රේණියේ මකුලෑව ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි චලක්ෂණ විජේරත්න නමැති පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහලා වන බවත් වාර්තාවනවා.

මෙම සිසුවා සිය මිත්තණිය සහ සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කැපීමටයි ගොස් ඇත්තේ.

කපන ලද කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක [වොට් 33000] දැවටීමෙන් දරුවාට ද විදුලිසැර වැදී ඔහු ගසින් පහළට ඇදවැටී තිබෙනවා.

අනතුරින් පසු මෙම දරුවා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිට ද මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?